සන්ධානය දෙහිවල ගල්කිස්ස, මහරගම හා බොරලැස්ගමුව නගර සභා සඳහා මුදල් තැන්පත්කරයි

පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙහිවල ගල්කිස්ස, මහරගම හා බොරලැස්ගමුව නගර සභා සඳහා අප මුදල් තැන්පත් කිරිම අද(07) සිදු කෙරිණි.

මෙම නගර සභා සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළය ලකුණින් තරඟ කිරීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට උත්සාහයක් ගත් බවත් මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එකතු වීමේ එකඟුතාවයකට පැමිණි සිටියදී දේශාපලන විඥානයක් නොමැති අය එක කඩාකප්පල් කළ බව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

මහනගර සභා තුන සඳහා ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ කී මහ ඇමැතිවරයා ඒකාබද්ධ විපක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේදී අභියෝගයක් නොවන බවත් පෙන්වා දුන්නේය.

1991 වසරේ මහජන එක්සත් පෙරමුණ හරහා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ප්‍රථමයා වූ බවත් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා තමා ප්‍රථමා වීමට හැකිවූ බවත් මහරගම ජනතාව ඒ සියල්ල දන්නා නිසා මෙවර මහරගම නගරසභාව ජයග්‍රහණය ස්ථිර බවත් දේවප්‍රිය මහතා කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ සිටින දේශපාලන විඥානයක් නොමැති අයගේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වන්නට තිබුණු සාකච්ඡා බිඳවැටුණ බවත් එහි ප්‍රතිඵල මැතිවරණයෙන් පසු දැක බලාගත හැකි බවත් මහ ඇමැතිවරයා අනාවරණය කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ එක්වීමට අකමැත්ත දක්වන පිරිස් එක්සත් ජාතික පක්ෂය සමඟ ඩීල් පවත්න බවත් මැතිවරණයෙන් පසුව එම ඩීල් අනාවරණය කරන බවත් බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්වන්නේ පිරිසිදු නව තරුණු මුහුණු බවත් ඔවුන්ගේ අතේ දූෂණය වංචාව ගැවී නොමැති බවත් ඉසුර දේවප්‍රිය මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරෝ මහතා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ විශාල උද්යෝගයක් තිබෙනවා. ඔවුන් අප සමඟ කියා සිටියේ අපට ජයග්‍රහණ කළ හැකි බවයි. ජනාධිපතිතුමා දූරදර්ශී ආකාරයට මේ නව මැතිවරණය කොට්ටාශ ක්‍රමයට පැවැත්වීම නිසා පිරිසිදු දේශපාලකයින් ඇතුළත් කළ හැකිවුණා.

එතරම් මුදල් අතේ නැතිවුණත් ඒ අයට දේශපාලනයට ඒමට මෙහිදී හැකිවුණා. විශේෂයෙන් කාන්තාවටන් සියට 25ක් ලබාදීම තුළින් කාන්තාවන්ටත් මේ ක්‍රමය හරහා මැතිවරණය පිවිසීමට වරම් ලැබුණා.

ජරාජීර්ණ නොවූ දේශපාලකයින් මෙවර නාමයෝජනාවලට අප ඇතුළත් කර තිබෙනවා. ජනතාවගේ නායකයින් නොව මේ අය ජනතාවගේ සේවකයින් ලෙස කටයුතු කරයි. බණ්ඩාරනායක මැතිතුමා බලාපොරොත්තු වූ අයුරින්ම මෙය සිදුවී තිබෙනවා. මේ රජය 2020 වනතුරු අනිවාර්යෙන්ම යනවා. ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතරහමාරක් යනතුරු විසුරුවා හරින්න බැහැ. එය කවුරුත් තේරුම්ගත යුතුයි.

දෙහිවල ගල්කිස්ස ආසන සංවිධායක නීතිඥ කීර්ති උඩවත්ත මහතා ජනතාවට දෙන්න පණිවුඩයක් දෙන්න කැමැතියි. පළමු කරුණ වන්නේ පළාත් පාලන ආයතන භාරදිය යුත්තේ මධ්‍යම ආණ්ඩුව සමඟ කටයුතු කරන කණ්ඩායමකටයි. මක්නිසාද මධ්‍යම ආණ්ඩුව සමඟ කතා නොකර කණ්ඩායමකට ජයහිමිවුවහොත් එම ප්‍රදේශවල බදු ගෙවන ජනතාවට සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ.

එම නිසා රාජඨ අනුග්‍රහයක් ලැබෙන කණ්ඩායමක් දිනවීමට ජනතාව කටයුතු කළ යුතුයි. දෙවන කරුණ නම් අපේ ප්‍රදේශ බහු ජාතිකයින් ජීවත්වන ප්‍ර දේශයි. පසුගිය කාලය තුළ සුළු ජනකොටස් ජනාධිපතිවරයාගේ සංහිඳියා වැඩපිළිවෙළට ආශිර්වාද කරනවා.

ඒ නිසා මේ මැතිවරණයේදී කල්තියා දේහපාලන අනාවැකි කියන්න බැහැ. අපේ කණ්ඩායම ඉතාම නැවුම්. බුද්ධිමත් කණ්ඩායමක්. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණේ දූෂත පළාත් පාලන දේශපාලනඥයින් නිසයි. ඒ අය තමයි අද මහින්ද මහත්තයාගේ රූපය යොදාගෙන පළාත් පාලන මැතිවරණය එන්නේ.

හිටපු නියෝජ්‍ය ඇමැති චන්දන කත්‍රිආරච්චි මහතා එජාපය පරාජය කිරීම සඳහා පෙරමුණක් සකස් කළ යුතුයි කියන තැන අප හිටියා. ඒ තැනට නායකයින් තල්ලු කළා. නමුත් අපි ඒකබද්ධය සමඟ සාකච්ඡා කරන විට ඔවුන් පොහොට්ටුවෙන් ඇප තැන්පත් කරමින් ගියා.

එය දේශපාලන විහිළුවක්. 2005දි මහනිද් මහත්තයා ජනාධිපති කරවන්න අපේ දේපළ පවා උකස් කරලා කටයුතු කළා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වසර 16ක් උසාවි ගනේ ගියා. හිරගෙදර ඉන්න වුණා. නමුත් මහින්ද මහත්තයා ජනාධිපති වුණාට පස්සේ අරලියගහ මන්දිරය තවත් එක් සිරිකොතක් බවට පත් කළා. මහින්ද මහත්තයා එදා මකර කටට ගෙනගිය අයමයි අදත් එතුම වටා ඉදගෙන ඉන්නේ. එතුමට සුනාමි හොරා කියපු අය තමයි අද එතුමත් එක්ක ඉන්නේ. කෝප් වාර්තාවෙන් එදා වැරැදි කරුවන් වූ අයයි එතුම ළඟ ඉන්නේ. එදා හිටපු පළාත් පලාන දේශපාලනඥයින්ගේ සර්වාංගයෙම තිබුණේ වංචාවයි. දූෂණයයි. අපිට එජාපයයි පොහොට්ටුයි අභියෝගයක් නැහැ.

279 total views, 4 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !