ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට් වර්ගිකරණයේ 6 වැනි ස්ථානයට!!

පාකිස්තානය සමග පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 68 කින් ජය ගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ තරග 2-0ක් ලෙසින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකින් පාකිස්තානය පරාජය කළ පළමු රට ලෙස වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙම තරඟාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ‘ටෙස්ට්’ වර්ගීකරණයට අනුව හත් වෙනි ස්ථානයේ සිට හය වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා හා පකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 13 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

 

148 total views, 2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *