ශ්‍රී.ල.නි.ප. නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් පත්කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි, එන්.ටී. දයානන්ද යන මහත්වරුන් පත්කර තිඛෙන අතර මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් ලෙස ඩී.එන්.ඩී. නුගවෙල මහතා පත් කර තිබේ.

එමෙන්ම දිගාමඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කෙරුණු ගුණරත්න මහේන්ද්‍ර පෙරේරා මහතා ද මෙහිදී ජනාධිපතිතුමා අතින් පත්වීම් ලැබීය.

397 total views, 4 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !