රෝස පන්දුවේ ඉතිහාසගත ජය ශ්‍රී ලංකාවට !!

පාකිස්තානය සමග ඩුබායි හි පැවති දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ ලකුණු 68ක විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 482ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කළේය.

දෙවැනි ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96 කට සීමා කළ පකිස්තානුවන් ජයග්‍රහණය සඳහා ලකුණු 317ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියත් ඔවුනට රැස් කරගැනීමට හැකි වූවේ ලකුණු 248ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ දිල්රුවන් පෙරේරා ලකුණු 98කට කඩුලු 5ක් දවා ගත්තේය.

395 total views, 3 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !