මුදල් ඇමති උතුරු ආණ්ඩුකාරවරයා පසසයි

ශ්‍රී ලංකා රේගුවේ උප නිවාරණ කාර්යාලයක් විවෘත කිරීම යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේදී ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා හා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යන අයගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙසේ උතුරු පළාත තුළ රේගු නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කෙරුණේ වසර 34කට පසුව වේ.

1983 දී උතුරු පළාතේ රේගු කටයුතු සම්පුර්ණයෙන්ම ඇන හිටි අතර 2011දී නැවත යාපනයේ තැපැල් කාර්යාලයේ කොටසක රේගු කටයුතු තාවකාලිකව ආරම්භ කරන අතර එම කටයුතු තවදුරටත් යාවත්කාලීන කර ගැනීමට හා රේගු කටයුතු සාර්ථක කර ගැනීමටත් මෙම නව කාර්යාලය අද දින ආරම්භ කෙරිණ.

උත්සව අවස්ථාවට සහභාගී වී අදහස් දැක්වූ මංගල සමරවීර අමාත්‍යතුමා
උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමාට විශේෂ ප්‍රශංසාවක් කරමින් කියා සිටියේ ත්‍රිභාෂික අමාත්‍යවරයෙක් හැටියට උතුරු පළාත් ආණ්ඩුකාරතුමා ගැන ඉතා ආඩම්බර වන බවත් තමන් දේශපාලන කටයුතු ආරම්භ කරනු ලැබූ කාලයේ සිට මේ දක්වා ජාතික සහජීවනය වෙනුවෙන් මහත් කැපකිරීමක් කරනු ලැබූ පරිණත, මනා දැනුමකින් යුත් දේශපාලන නායකයකු බවයි.

මේ අනුව ආරම්භ කළ නව කාර්යාලය මගින් උතුරු පලාතේ රේග කටයුතුවලට මෙන්ම රැකියා විරහිත තරුණ තරුණියන්ටද මහගු අවස්ථාවක් බවටද කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා “උතුරු පළාතේ මයිල්ලේට්ටි වරාය ආරම්භ කිරීම තුළින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීම වේගවත් කිරීමට මහත් පිටිවහලක් වෙනවා. සංවර්ධන කටයුතු ගැන පාර්ලිමේන්තුවට යෝජනා ගෙන එද්දී උතුරු පළාතට විශේෂ අවධානයක් හිමි විය යුතුයි. මේ ආරම්භ කළ කාර්යාලයේ සේවය කිරීමට උතුරු පළාතේ තරුණ තරුණියන් තෝරා ගත යුතුයි. මේ රට සංවර්ධනය කිරීමට නම් ජාති,ආගම්,කුල භේද නොතකා එකට එක්ව වැඩකිරීමට අදිටන් කර ගත යුතුයි. උතුරු පළාතේ මේ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතුවලට රජයෙන් ලැබෙන පුර්ණ අනුග්‍රහයටත් විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයටත් මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.” යනුවෙනි.

Wanni Romesh

46 total views, 0 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !