මිනිසුන් රවටා මුදල් පැහැරගත් අයෙක් බෝලවත්තේ දී කොටු වේ

දංකොටුව නගරයේ විවිධ පුද්ගලයන් සමඟ බොරු හිතවත්කමක් හා අසරණකමක් පෙන්වා මුදල් සොරාගෙන ගොස්; සැඟව සිටි පුද්ගලයෙක්ව ඊයේ (06) බෝලවත්තේදි සැකපිට අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලව්වත්තේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

තමන් ළඟට ආ පුද්ගලයෙක් හිතවත්කමක් පෙන්වමින් සිටින අතරතුර එක්වරම තමන් සතුව තිබු මුදල් පසුම්බිය පැහැරගෙන පලායෑම සම්බන්ධයෙන් එහි හිමිකරු පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

සැකකරු මේ ආකාරයෙන් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ මුදල් සොරාගෙන ඇති බවත් අසරණකමක් හා හිතවත්කමක් පෙන්වා රැවටීමෙන් මෙලෙස පුද්ගලයන්ගේ මුදල් පැහැරගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇත.

සැකකරු මෙම මුදල් පැහැර ගැනීම්වලින් පසුව පොලිසියෙන් බේරිම සඳහා කල්පිටිය, පන්නල හා වයික්කාල ප්‍රදේශවලත් සැඟව ජීවත් වී ඇති බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය කීය. වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක මහතාගේ අධීක්ෂණයෙන් දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළින හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත; පොලිස් පරික්ෂක රොහාන් පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් (23124) බණ්ඩාර කොස්තාපල් (72274) රසික (72489) චාමන් (58289) ජයසුන්දර යන නිලධාරින් විමර්ශන සිදු කර සැකකරුවා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු

139 total views, 6 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !