මාලිංගට මාස හයක පරිවාස කාලයක් සහ දඩයක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ වේග පන්දු යවන්නා වන ලසිත මාලිංගට මාස 6 ක පරිවාස කාලයක් සහ දඩයක් නියම කිරීමට තීරණය කර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

ක්‍රිකට පාලක මණඩලය විසින් පත් කළ ත්‍රී පුද්ගල විනය කමිටුවේ නිර්දේශ මත පාලක මම්ඩලය මෙම තීරණය ගෙන ඇත.

ක්‍රිකට් පාලක. මණ්ඩලය විසින් මාලිංගට එරෙහිව මෙම විනය කමිටුව පත් කරන ලද්දේ පාලක මණ්ඩලය මාධ්‍යයට මාලිංග කරන ලද ප්‍රකාශයන් පදනම් කර ගෙනය. මෙම මාධ්‍ය හමුවේදී මාලිංග විසින් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා “වදුරෙ” කුට සමාන කර අදහස් ප්‍රකාශ කර තිබුණි. මාලිංග එවැනි ප්‍රකාශ කරන්නට යෙදුනේ ශ්‍රී ලංකා පකිස්තානු ක්‍රීඩා තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයන් සම්බන්ධ යෙන් ක්‍රීඩා ඇමැතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් තම ශාරීරික යෝග්‍යතාවය ගැන සැළකිලිමත් විය යුතු බවයි. -ඇමැතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන හමුවේ අදහස් දක්වමින් මාලිංග ප්‍රකාශකර ඇත්තේ වදුරන් කරන්නෙ. නැටීම පමණක් බවයි.

මෙම ප්‍රකාශය ක්‍රීඩා ක්‍රේෂත්‍රය තුල මහත් කතා බහට ලක්වූවක් බවට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ගිවිසුම්ගතව ඇති ක්‍රිකට් ක්‍රීඩකයන් මාධ්‍ය සමග සකච්ඡා පැවැත්වීමේදී එම ක්‍රීඩකයා විසින් ක්‍රිකට් පාලක මණඩලයෙන් ඒ සදහා ලිඛිත අවසරයක් ලබා ගත යුතු බවට නීතියක් පවතී. ලසිත් මාලිංග මෙම නියෝගය උල්ලංඝනය කර තිබීම මෙම ත්‍රී පුද්ගල විනය කමිටුව පත් කිරීමට හේතුවක් විය.

135 total views, 3 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !