බැමි සිඳුණු තරු සිහිනය; Secret Superstar෴

සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් රඟන නවතම හින්දි චිත්‍රපටය Secret Superstar එළඹෙන ඔක්තෝබර් මාසයේ දී තිරගත කිරීම සඳහා මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. මීට පෙර අගෝස්තු 4 වැනිදා එම චිත්‍රපටය රසිකයන් වෙනුවෙන් රිදී තිරයේ නිදහස් වීමට නියමිතව තිබුණත් පසුව නිෂ්පාදකයන් විසින් එය කල් දැමීමට කටයුතු කළා.

සුපිරි තාරකාවක් වීමට සිහින දකින නව යොවුන් තරුණියක් සහ සුපිරි ගායන තරුවක් වටා ගෙතී ඇති Secret Superstar චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Advait Chandan විසින්. Aamir Khan Productions

නිෂ්පාදන සමාගම වෙනුවෙන් අමීර් ඛාන් සමග කිරන් රාඕ, ආකාශ් චව්ලා, සුජේ කුට්ටි සහ ශ්‍රීනිවාස් රාඕ යන පිරිස නිෂ්පාදන දායකත්වය සපයා ඇති Secret Superstar හි අමීර් සමග සයිරා වසීම් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු සිදුකරනු ලබන්නේ Zee Studios සමාගමයි. ඔක්තෝබර් මස 19 වැනිදා සිට ලොව පුරා ප්‍රේක්ෂකයන්ට එය නැරඹීමට හැකිවනු ඇති.

 

6,623 total views, 3 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !