බැඳුම් කර කොමිසමේ කාලය දින 23 කින් නැවතත් දීර්ඝ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි පැවැසෙන බැඳුම් කර ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම් සභාවේ නිළ කාලය එළැඹෙන 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

බැදුම් කර සම්බන්ධ කොමිසමේ නිළ කාලය හෙට (8 දා) අවසන් වීමට නියමිතව තිබුණු අතර එදිනට තම වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙනු ඇතැයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වූහ.

දේශපාලන ක්‍රේෂ්ත්‍රයේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ මෙම බැඳුම්කර සිදු වීම මහ බැංකුවේ හිටපු අධිපතිවරායවූ අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ බැණා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහත්වරුන් මෙන්ම හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, එජාප සභාපති ඇමැති මලික් සමරවික්‍රම, එජාප ලේකම් ඇමැති කබීර් හසිම් මහත්වරුන් ගේ මෙන්ම එජාප නායක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නමද ගැවී තිබුණි.

මේ තිදෙනාම කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන්හ.

106 total views, 2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !