පුද්ගලයින් 11ක් අතුරුදන්වීම ගැන විමර්ශනය කරන අයිපී ඝාතන සැලැස්මක්

2008-2009 වසරවල පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුටව් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මරා දැමිමේ කුමන්ත්‍රණයක් සිරගෙදර සිට,නලින් ප්‍රසන්න වික්‍රමසූරිය යන අය සැළසුම් කර ඇති බවට අනාරණය වී ඇති බව අපරාධ පරීක්ෂන දොපර්තමේන්තුව අද (10) අධිකරණයට දැනුම් දුන් අතර ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කරන බව ද කියා සිටියේය.
තමන් යාපනයේ ඝාතනය වූ විද්‍යා දැරිය සම්බන්ධයෙන් නොතිසියක් භාර දීමට වැල්ලවත්තට ගිය අවස්ථාවේ රක්ෂීතබන්ධනාගරගතව සිට පැමිණි රාමයියා කනකේෂ්වරන් නැමැති අය තමන්ට ඒ බව දැනුම් දුන් බව අධිකරනයට කියා සිටි නිශාන්ත සිල්වා මහතා ඔහු වැලිකඩ බන්ධනාගාර රොහ්ලේ ප්‍රථිකාර ලබමින් සිටි අවස්ථාවේ වික්‍රමසූරිය යන එහි ප්‍රථිකාර ලබා ගත් බවත් එහිදි වික්‍රමසූරිය යන අය තමන් ඇතුලු නිලධාරින්ට විරුද්ධව විමර්ශනය කරන නිශාන්ත සිල්වා මරා දැමිමට ඔවුන් ඇතුලේ සිටියත් පිටත සිටින අය කටයුතු කරනු ඇති බව පවසා ඇති බවට ඔහු සාක්ෂී ලබා දෙමින් කියා සිටි බව අධීකරණයට කීවේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දොපර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුලු සැකකරුවන් හය දෙනා ලබන අගෝස්තු 24 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(10) නියෝග කළාය.
නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නැමැති සැකකරුගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා හරහා ඉදිරි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
එම සැකකරුට ඇති රෝගී තත්ත්වය හේතුවෙන් වැලිසර නාවික රෝහලේ ප්‍රථිකාර ලබන බැවින් සැකකරු අධීකරණයට පැමිණ නොසිටි අතර බන්ධනාගාර හරහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර ඉදිරි දින සැකකරු සුව තත්ත්වයේ ඇත්නම් අධිකරන්‍යට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරි කියා සිටියේය.
එමෙන්ම මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නිකුත් කර ඇති නාවික ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැති සැකකරු අත්අඩගුවට ගැනිමට සියලුම පොලිස් ස්ථාන වලට දැනුම් දී ඇති බව කී අධීකරණයට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ගුවන්තොටුපලටද දන්වා ඇති බව අධිකරනයට කියා සිටි අතර මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද කීවේය.
විත්තිය පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මෙම නඩුවට අදාළ සියලුම සාක්ෂිකරුවන් ඉදිරිපත් කර ඇති සාක්ෂි නිතිපතිවරයාට ඉදිරිපත් නොකර අපරාධ පරීක්ෂන දොපර්තමේන්තුවට අවශ්‍ය පුද්ගලයින් කොටුකරගැනිමට අවශය සාක්සි පමණක් ඉදිරිපත් කර ඇති බවට සැකයක් ඇති බව අධීකරණය හමුවේ පකියා සිටියේය.
මෙම නාට්‍යයක ජවනිකාවක් බවට අපරාධ පරීක්ෂන දොපර්තමේන්තුව රග දක්වන බව කී නිතිඥ මඩුල්ල පෙන්වා දුන්නේ මුල්ම ප්‍රධානතම සාක්ෂිය වන මලමිනි ඉටි කොලවල ඔතා වෑන් රථයකට පටවන බව දුටු බවට සාක්ෂි ලබා දුන් අලුත්ගෙදර නැමැති නාවික නිලධාරියා මීට වසර ගණනවකට පෙර දුටු මෙම දසුන සගවා සටීම සම්බන්ධයෙන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැති බවය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගෙදර නැමැති අය බුද්ධි අධ්‍යක්ෂ ආනන්ද ගිනිගේ මහතාට මේ බව දැනුම් දී ඇති බවට ගිනගේ මහතා සාක්ෂි ලබා දී ඇතැයි පොලිස් පරීක්ෂන නිශාන්ත සිල්වා මහතා කියා සිටි අවස්ථාවේ විත්තයේ නිතිඥවරුන් පෙන්වා දුන්නේ ගිනිගේ මහතාද අත්අඩංගුවට ගත යුතු බවය.
මෙම සිද්ධියට අදාළව තවත් විමර්ශන සිදුකළ යුතු බවටත් තවත් නාවික හමුදාවේ නිලධාරින්ගෙන් ප්‍රකාශ ගත යුතුව ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටි අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බවද කිවේය.
එමෙන්ම මිනි කොටස් බවට සැකකරෙන කොටස් ඉටි කොළ වල ඔතමින් වෑන් රථ වලට දමා ගත් බවට හෙළි දරව් කළ වෙලෙගෙදර යන නිලධාරියා මේ වන විට අධිකරණ අවසරය ගෙන ඕස්ට්‍රේලියාවේ වෙසෙන බවත් එම සාක්ෂි ලබා දීමේදී ඔහුව අත්අඩංගුවට නොගත්තේ මන්දැයි විමසා සිටි විත්තියේ නිතිඥවරුන් මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ නිලධාරින්ගනේ ලබා ගත් සියලුම සාක්ෂි අධිකරණයට ලබා දී නැති බව පෙන්වා දුන්නේය.
එම කරුණු සම්බන්ධයෙන් ධීර්ඝව කරූන් දැක්වීම සුදුස නැති බව පෙන්වා දුන් නිතිඥ මඩුල්ලල කියා සිටියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලුකාරි තත්ත්වයක් හේතුවෙන් එම සියලු කරුණූ ඉදිරි දින ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන බව කියා සිටි අතර එම කරුණු මෙම විත්තිකරුවන්ට අතිශය වැදගත් වන බව පෙන්වා දුන්නේය.
මෙම සිද්ධියේ අගතියට පත් පාර්ශිවය වෙනුවෙන් අදහස් දැක් වූ නිතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය කියා සිටියේ සිද්දීයට අනාවරණය වූ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බවය.
එමෙන්ම දසනායක යන අය යහපත් නිරෝගී තත්ත්වයෙන් සිටි බවත් සිරභාරයට ගත් වහාම ඔහු අසනීප වීම ගැටලු සහගත බවත් කියා සිටි නිතිඥවරිය මෙය වරප්‍රසාදයක් බව පෙනි යන බැවින් මේ සම්බන්ධයෙන් වහාම අධීකරණ වෛද්‍ය නිලධාරියා හරහා වාරත්ාවක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
මෙම සිද්ධියට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ , නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර,නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස ,රාජපක්ස පතිරනලාගේ කිත්සිරි යන රක්ෂිත භාර ගත කර සිටින අතර සිද්ධියට අදාළ පළමු සැකකරු වන සම්පත් මුණසිංහ යන අය ඇප මත සිටි.
නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර යන අය මෙම සිද්ධිය වන විට හයිටි රාජයේ පුහුණුවක් සඳහා ගොස් සිටි බවත් ලංකාවට පැමිණෙන විට මෙම සිද්දීය අවසන් වී ඇති බවත් කියා සිටි සැකකරු වෙන්වෙන් පෙනි සිටි නිතිඥ මහතා කිසිදු සාක්ෂියක් නොමැතිව මෙම පුද්ගලයින් රක්ෂීතභාර ගත කර සිටින බව කියා සිටියේය.
පුද්ගලයින් 11 දෙනෙකු වසර 2008අගොස්තු 08 වනදා සිට වසර 2008 සැප්තැම්බර් මස 17 වනදා දක්වා අතුරුදන් වී ඇති අතර කොටහේන වැල්ලවත්ත,ත්‍රිකුණාමලය,මඩකලපුව ඇතුලු ස්ථාන කිහිපයකදී ඉකුත් කාලය තුළ කස්තුරිආරච්චිගේ ජොන් රීට්,රජිව් නාගනාදන්,ප්‍රදීප් විශ්වනාදන්,තිලගේෂ්වරන් රාමලිංගම්,මොහොමඩ් සාජිත්,ජමාල්ඩීන් ඩිලාන් ,අමනන් ලියෝන්,රොෂාන් ලියෝන්,ඇන්තනි කස්තුරිආරච්චි,ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන අය මෙම සිද්ධියට අදාළව අතුරුදන්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *