පරිසරය සුරැකීමේ වගකීම ජනපති පහදයි!!

පරිසර සංරක්ෂණයට අදාළ සියලු අංශවලට ඉහළ වටිනාකමක් ලබාදෙමින් තම වගකීම් ඉටුකිරිමට කැපවීම අද දවසේ සියලුදෙනා වෙත පැවරෙන ප‍්‍රමුඛ වගකීමක් බව ද ජනාධිපතිතුමා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද (11) පෙරවරුවේ මහනුවර, දෙල්තොට, කන්දේතැන්න වැව් පරිශ‍්‍රයේදී එක්වෙමිනි.

“සොබාදහම රැකගැනීම” සංකල්පයට අනුව ජනාධිපති කාර්යාලය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය එක්ව කි‍්‍රයාත්මක කරන “පුනරුදය” පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනෙහි ප‍්‍රධාන අරමුණු වන ජල පෝෂක ප‍්‍රදේශ රැකගැනීම හා වන ගහනය වර්ධනය කර ගැනීම ඉලක්ක කරගනිමින් සංවිධානය කෙරුණු ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණය හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භය මෙලෙස සනිටුහන් කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශකළේ පසුගිය වසර කිහිපය පුරා අඛණ්ඩව මුහුණ දීමට සිදුවූ ගංවතුර, නායයාම්, නියඟය වැනි ආපදා තත්ත්වයන් මිනිසා, පරිසරය වෙනුවෙන් වූ වගකීම් ඉටු නොකිරීම නිසා මුහුණදීමට සිදුවූ ප‍්‍රතිවිපාකයන් බවයි.

සංවර්ධනය අත්‍යාවශ්‍යයි සේම ඒ සඳහා නිසි සැලසුම් සහ ප‍්‍රතිපත්තීන්ට අනුව මෙන්ම පරිසර නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

අද ආරම්භ කෙරෙන “වනරෝපා” පරිසර සංරක්ෂණ වැඩසටහන පරිසරය සංරක්ෂණය, පෝෂණය කිරීම සහ පරිසරයට ආදරය කිරීම පිළිබඳ මිනිසුන් ලෙස ඉටුකළයුතු මූලික වගකීමක් ඉටු කිරීමට අත්වැල් බැඳ ගැනීමක් වන අතර එම වැඩපිළිවෙළට එක්වෙමින් සිය සාමුහික වගකීම ඉටුකිරීමට සියලුදෙනා කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

 

96 total views, 3 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !