නයිජීරියාවේ දැවැන්ත නඩු විභාගයක් !!

‘බොකෝ හරාම්’ සන්නද්ධ කැරලිකරුවන් යයි චෝදනා ලබා සිටින සැකකරුවෝ 800 කට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කිරීමට නයිජීරියාව සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හත්දහසක් පමණ වූ ‘බොකෝ හරාම්’ චුදිතයන් අතරින් අධිකරණය ඉදිරියට පමුණුවන ලද පළමු කණ්ඩායම එයයි.මෙයයි.

මෙය නයිජීරියානු ඉතිහාසයේ ත්‍රස්ත චෝදනා යටතේ පැවැත්වෙන දැවැන්තම නඩු විභාගය ලෙස සැලකෙන්නේ.

‘කයින්ජි’ (Kainji) නගරයේ යුද හමුදා රැඳවුම් කඳවුරක ‘රහසිගත මට්ටමින්’ පැවැත්වීමට යන මෙම නඩු විභාගය ඇතැම් සැක කරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ ද දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.

මහජනයාට විවෘත නොවන මට්ටමින් ‘රහසිගතව’ පැවැත්වෙන හෙයින් මෙම නඩු විභාගයේ විනිවිද පෙනෙන සුළු තත්වයක් නොමැති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙති.

138 total views, 2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *