ජන හතුරෙක් පැමිණෙයි…

නෝර්වීජියානු මහා නාට්‍යකරු හෙන්රික් ඉබ්සන්ගේ An Enemy of the People නාට්‍යයේ ස්කැන්ඩිනේවියානු මුල්පිටපත (En Folkfiend) ඇසුරින් නාට්‍යවේදී නිහාල් සුරංජි විසින් අධ්‍යක්‍ෂණය කළ ‘ජනතාද්‍රෝහියා’වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශනයක් මැයි 28 ඉරිදා සවස 3.00ට සහ 6.30ට බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර් හි දී රඟ දැක්වීමට කටයුතු යොදා ඇත. එම නාට්‍යය සිංහලට පරිවර්තනය කර ඇත්තේ නාට්‍යවේදී විජිත ගුණරත්න විසිනි.

‘රංග කලා කවය’ විසින් වේදිකාගත කරනු ලබන මෙම නාට්‍යයට වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, ලලිත් රාජපක්‍ෂ, හංසමාලා ජානකී, දීප්ති වීරසූරිය, උපුල් මායාදුන්නේ, රංජිත් කවිසිගමුව, චාල්ස් රොයිස්ටන්, මදීරා උදිශානි, ප්‍රියන්ත මංජුල, දිදුල කරුණාරත්න සහ දිමුතු සත්සර රංගනයෙන් දායකවෙති. කලා අධ්‍යක්‍ෂණයෙන් රංජිත් කවිසිගමුව හා අමරදාස හීනුක්වැවගේද, ශබ්ද පරිපාලනයෙන් සසංක සුගීශ්වර ද, වේදිකා පරිපාලනයෙන් රෝසි අතුකෝරලද දායක වී ඇති අතර අංග රචනයෙන් දායකත්වය ලබා දී ඇත්තේ වසන්ත විට්ටච්චිය.

1981දී ගාමිණී හත්තොටුවේගම වීදි නාට්‍ය කණ්ඩායම හරහා නාට්‍ය කලාවට පිවිසි නිහාල් අද දක්වාම එම කණ්ඩායම සමග එක්ව කටයුතු කරන ප්‍රවීණ නාට්‍ය කරුවෙකි. එමෙන්ම රංගනය හා අධ්‍යක්‍ෂණය පිළිබඳ අත්දැකීම් රාශියක් සහිතව නිර්මාණකරණයෙහි යෙදෙන්නෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *