ඇමරිකාවයි දකුණු කොරියාවයි යළිත් වාග් සංග්‍රාමයක!!

වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් කිසිදු ප්‍රතිඵලයක් නොලත් හෙයින් උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී “හරියන්නේ එකම ක්‍රමයක් පමණක්” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ට්විටර් පණිවිඩයක් මගින් මෙම අනතුරු ඇඟවීම කරමින් ඔහු තවදුරටත් එහි සඳහන් කර ඇත්තේ වසර 25ක් තිස්සේ ජනාධිපතිවරුන් උතුරු කොරියාව සමඟ සාකච්ඡා කර ඇති නමුත් ඉන් පලක් නොවූ බවය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන අරඹයා දෙරට අතර වාග් සංග්‍රාමයක් සිදුවෙමින් පවතින අතර උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම නතර කරන ලෙසට ඇමරිකාව බල කරමින් සිටී.

දුර විහිදුම් මිසයිලයකට සවි කළ හැකි හයිඩ්රජන් බෝම්බයක් මෑතකදී තමන් අත්හදා බැලූ බවත් එය සාර්ථක වූ බවත් උතුරු කොරියාව පවසයි.

ඇමරිකානු ජනතාවගේ සහ කලාපීය මිතුරන්ගේ ආරක්ෂාව පතා උතුරු කොරියාව විනාශ කර දැමීමට පවා තමන් සුදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබුණි.

‘ප්යෝන්ග්යෑන්’ පාලනය විනාශ කරන බවට තර්ජනය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හඳුන්වා දෙන ලද්දේ “සිය දිවි නසා ගැනීමේ ගමනක යෙදී සිටින රොකට් කාරයකු” හැටියටයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තර්ජනයට කිම් ජොන් අන් විසින් පිළිතුරු දෙන ලද්දේ “ගින්දර සමඟ සෙල්ලම් කරන වියරු මහල්ලා හීලෑ කර ගන්නැයි” කියා සිටිමිනි

117 total views, 4 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *