අලුත උපන් බිළිඳෙකු කොස් කටු පිරවූ පොහොර උරයක

අලුත උපන් බිළිඳෙකු කොස් කටු පිරවූ පොහොර උරයක දමා කටුගස්තොට රණවන මාර්ගයෙන් පිඟාඹයට විසි කරන ලද මවක් සොයා කටුගල්තොට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොහොර උරය තුළින් පිටතට ඇද බිළිඳු මළ සිරුර කබරයින් විසින් කාදමනු දැක ප්‍රදේශවාසීන් ඒ බව අද(07) පොලීසියට දැනුම් දී ඇත.

එක් දිනක් වයසැති බවට අනුමාන කරන බිළිඳාගේ සිරුරේ කොටස් කබරයින් කා දමා තිබෙන බවත් මෙම දරුවා කටුගස්තොට පිඟාඔය ආසන්නයේ පදිංචි කාන්තාවක විසින් ප්‍රසූත කරන්නට ඇති බවට සැකකරන බවත් පොලීසිය පවසයි.

අවට වෙළෙඳ සැල් වල සී.සී.ටී.වී දර්ශන ඔස්සේ තොරතුරු ලබා ගනිමින් පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

බිළිඳු මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (07) පස්වරු‍වේ සිදු කිරීමට නියමිතව තිබිණි.

151 total views, 2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !