අපරාධ යුක්තිය පසිදලීම කඩිනම් කිරීමේ නිර්දේශ ඇතුළත් වාර්තාව ජනපතිට පිළිගන්වයි!!

අපරාධ යුක්තිය පසිදලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදුකිරීම සදහා වන නිර්දේශ ඇතුළත් වාර්තාව අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කර තිඛෙන අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කරුණාරත්න පරණවිතාන, අජිත් පී. පෙරේරා, දුෂ්මන්ත මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, නීතිපති ජයන්ත ජයසූරිය, අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ඇතුථ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

137 total views, 3 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !