අධිකරණ නියෝග කඩ කළ 5කට වරෙන්තු

සයිට්ම පෞද්ගලික විශ්ව විදයාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂනය කිරිමේදී අධිකරණ නියෝග කඩ කළ සිද්ධින් දෙකකට අධිකරණයේ පෙනී නොසිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්,පබසර ධර්මතරන් යන දෙදෙනා ඇතුලු පස් දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයතරන් මෙනවිය අද(10) වරෙන්තු නිකුත් කළාය.
මෙම පස් දෙනා අත්අඩංගුවට ගෙන අධීකරනයට ඉදිරිපත් කරන්නැයි නඩු දෙක කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය කොල්ලුපිටිය පොලිසියට නියෝග කළාය.
මහජන පීඩා ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණයක නිරතවූ බවට එල්ල වූ චෝදනාවකට අදාළව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ,සනත් බණ්ඩාර පබසර ධර්මරත්න යන අයට සහ සූරියවැව සුසීල්,රත්කරව්වේ ජිනරතන හිමිවරුන්ට මෙලෙස වරෙන්තු නිකුත් කළාය.
මෙම සිද්ධීන් වලට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුලු අනෙකුත් සැකකරුවන් අධීකරණයේ පෙනි සිටියේය.

36 total views, 4 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !